BREAKING NEWS
Search

ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගන්න පසුබට වෙන්නේ නෑ -ජනපති

161

ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් පාලනය පිළිබඳ ව මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත්කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එම සාකච්ඡාවේ දී සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිවරයා ව දැනුවත් කර තිබේ.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ ජනාධිපතිවරයා විසින් පැවැත්වු සාකච්ඡාව පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *