Search

නොසිතූ ලෙස අඩුවෙන ඩොලරය

356
මේ කියන්න යන්නේ අද දවසේ ඩොලරය ගැන අහන්න ලැබුණ අලුත්ම ආරංචියයි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විනිමය අනුපාතික සටහනට අනුව අද (09) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.58 ක් ලෙසත්, විකුණුම් මිල රු. 297.62 ක් ලෙසත් සටහන් වී තිබේ.

අද දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 293.36 ක් ලෙසිනි. මෙය ඩොලරයක් සඳහා 2023 ජූනි 09 දිනෙන් පසු වාර්තා වී ඇති අඩුම රුපියල් අගය වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ  2024 වසරේ ඔක්තෝබර් 04 දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල 9.6% කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

වෙනත් පුවත්

නව රජයේ පළමු බැඳුම්කර නිකුතුව අනිද්දා

  • රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් අද
  • රු. මිලියන 95,000ක බැඳුම්කර නිකුතුවක් අනිද්දා

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දිනයේ දී රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කැඳවා තිබුණි.

පරිණත කාල තුනක් යටතේ මෙම වෙන්දේසිය සඳහා ලංසු කැඳවීම් කර තිබුණු අතර එහිදී දින 91 – රු. මිලියන 40,000 ක්, දින 182 – රු. මිලියන 35,000 ක් සහ දින 364 රු. මිලිියන 10,000 ක් ලෙසින් වන පරිදි වෙන්දේසිය සඳහා බිල්පත් ඉදිරිපත් කෙරුණු අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (09) පෙරවරු 11.00 ට ලංසු භාර ගැනීම අවසන් කරනු ලබන බවයි.

මේ අතර 2024 ඔක්තෝබර් 11 වැනි දින රු. මිලියන 95,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙය නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු පිහිටුවන ලද නව රජය යටතේ පැවැත්වෙන පළමු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවයි.

එහිදී 2028 මාර්තු 15 වැනි දින කල්පිරෙන අයුරින් රු. මිලියන 70,000 ක සහ 2032 ඔක්තෝබර් මස 01 වැනි දින කල්පිරෙන අයුරින් රු. මිලියන 25,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

ඒ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *