රධ්‍යා මෙත්මලී ගුණසේකර නම් දැරියගේ පියා වන මංගල ගුණසේකර මෙන්න මේ වගේ කතාවක් එදා දවසේ තම දියණිය අවසන් වරට අමුවීම ගැන කියා තිබුණේ ඇගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදීයි..
“දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කියනවා. ගිය සතියෙත් දවස් දෙකක් පාසල් ගියේ නැහැ. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්නේ නැහැ. එදා උදේ 07.10 ට මම එයාව පාසල් ඇරලුවා. එදා අමතර පන්තියක් තියනවා කියලත් කීවා. මම එයාට හවස 05 ට දුරකතන ඇමතුමක් ගත්තත් ඒකට එයා කතා කළේ නැහැ…
අපි දුවට පෝන් එකක් දීලා තියෙනවා. එදා එයා මට මැසේජ් එකක් දැම්මා පාසල ඉවර වෙලා. ඒ අනුව මම දවල් 2 ට විතර පාසල ළඟට ගිහිං එයාට කෑම එකක් දුන්නා. කෑම එක ගන්න වෙලාවේ එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක. ඉතිං මම දුවට කතා කරල කෑම එක දීලා ගෙදර ගියා…
හවස 04.55 ට මම ඉස්කෝලේ ළඟට ගිහිං දුවට කතා කරාම එයාගේ ෆෝන් එක ආන්ස්වර් කළේ පොලිිසියෙන්. පොලිසියේ මහත්තයා කීවා දුවට අනතුරක් වෙලා තියෙනවා වහාම නෙළුම් කුළුණට එන්න කියලා. ඊට පස්සෙ තමයි මම විස්තරේ දැනගත්තේ…”
කොහොම වුණත් ඇය තමන්ගේ හොඳම මිතුරන්ගේ හැරයාමෙන් පසු නැවතත් පන්තිය තුළ පවා හුදෙකලා වූ බවත්, ඇය දිවා ආහාරය පවා ප්‍රතික්ශේප කරන තරමේ මානසික ගැටලුවකින් සිටි බවයි ඇගේ පියා මෙහෙදී පවසා තිබුණේ..



















