ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ අත්සන් තැබුවාය.
මේ සම්බන්ධයෙන් දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට තීරණය කළ බවයි.
ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන තමාට හොඳ අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය. දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි.
වෙනත් පුවත්
යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තුබලේ ලුතර් මාතා කොයිලඩි පදිංචි වන තිරුචෙල්වම් ඥාණප්‍රකාශම් නමැති ධීවරයෙකු බව පොලිසිය සදහන් කරයි.
ඔහු සිය ධිවර යාත්‍රාවෙන් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් ඇති එහිදී ඔහු ගමන් ගත් යාත්‍රාව මෙසේ පෙරැළී ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.




















