BREAKING NEWS
Search

අලුතෙන් ආනයනය කරන වාහන මිල අඩු වෙයිද? වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඒ ගැන කියන කතාව මෙන්න

2957

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය මේ වන විට නිල ප්‍රකාශයක් හෝ කිසිදු ස්ථීරමය වැඩපිළිවෙලක් ගෙන නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.

එහිදී ඔහු අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි අදහසක්.

”අද වෙනකොට රාවයක් යනවා ඔක්තෝම්බර් පළවෙනිදා ඉඳලා වාහන ආනයනය කරනවා කියලා. තාම එහෙම කිසිම සර්කියුලර් එකක්, එහෙම කිසිම ලියකියවිල්ලක්, රජයේ ආයතනයකින්වත්, ඉම්පෝර්ට් කන්ට්රෝල් එකකින්, බැංකුවකටවත් ගිහිල්ලා නැහැ.

දැනට සිටින රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරහම අපිට දැනගන්න ලැබුණේ මේ දැන් දැනට පවතින රජයේ කිසිම තීරණයක් අරගෙන නැති බව.

අපිට හිතන්න බැහැ කවදාකවත් 2020 අපි වාහන ඉම්පෝට් කරන කාලේ තිබ්බ ගාණට වාහනයක් ලංකාවට නැවත එයි කියලා. මිල ගණන්වල ලොකු පහත යාමක් අපිට දකින්න අමාරුයි.

ඩොලර් එකේ සියයට අසූවක අධිප්‍රමාණය වීමම කරාම එතනම ඒ වැඩි මුදලක් යනවා. එතකොට අලුත් ටැක්සස් ඇවිල්ලා තියෙනවා ලක්ෂයට.

සියයට දහ අටක වැට් බද්ද තියෙනවා. ඔය සියල්ල එනකොට කවදාක්වත් ඒ මිල ගණන් යටතේ අපිට දෙන්න අමාරුයි.

තව ඩියුටියක් ඇඩ් කරයි ද කියන එක අපි දන්නේ නැහැ. අපිට ඕනේ කොහොමහරි මොනයම් හෝ විදියකින් මේ ඉම්බෝට් එක ඇරලා අලුත් වාහනයක් ලංකාවට ගේන්න. දැන් මේ වාහන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *