BREAKING NEWS
Search

උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝග

1603
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කළා.

ඒ, මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ් ට්‍රෝෆි 2024”‍ ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව ගොනුකෙරුණු නඩුව මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම් ආම් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනාව සිදුකළ බවට උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණා.

ඔහුගෙන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබූ අතර අධිකරණයේදී හෙළි වුණේ තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණයට නොදන්වා අමෙරිකානු නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදෙස් ගතවී ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *