මේ කියන්න යන්නේ තවත් වැදගත් කාරණාව් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා..
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම් මත නිලධාරින් / උපදේශකයින් පත් කරනු ලැබ තිබුණා..
එම කාර්යාල සහ වැඩ සටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ / උපදේශකයින්ගේ සේවය 2024-09-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම පිණිස පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම් දී තිබුණේ..
ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇති බවට වාර්තා වෙනවා..
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..