හිටපු මන්ත්‍රීවරුන්ගේ තවත් දීමනාවක් ඉවතට

355

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර  ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දන්වා ඇත.

එසේම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස සියලුම තැපැල් කාර්යාලවලට  දැනුම්දී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා ලංකාදීපයට පැවසීය.

සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් ලක්ෂ පහක්  පමණ වටිනා මුද්දර වාර්ෂිකව නොමිලේ නිකුත් කරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසිවී ගියේය.

මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා,ඉන්ධන දීමනා,නිල නිවාස මෙසේ අහිමිවී ගිය   සෙසු පහසුකම් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *