BREAKING NEWS
Search

බිත්තර මිල ඉහල යාමට හේතුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හෙළි කරයි

8202

“අතරමැදියෝ බිත්තර හංගලා. මිල ඉහළ යන්නේ ඒ නිසයි..!” බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කියයි.

පසුගිය සතිය වන විට රු.28 ත් රු. 30 ත් අතර මිලකට පැවති බිත්තරයක මිල මේ සතියේ දී නැවත රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇත්තේ, අතරමැදියන් විසින් බිත්තර තොග සඟවා කෘතිම බිත්තර හිගයක් රට තුළ නිර්මාණය කර තිබෙන නිසා යැයි, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

අතරමැදියන් මේ ක්‍රියාව රජය මැදිහත් වී වහාම නැවැත්විය යුතුයැයි ඉල්ලා සිටින බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, එසේ වුවහොත් බිත්තරයක මිල රුපියල් 30 දක්වා අඩු කළ හැකි බව පවසයි.

වෙනත් පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට  සාධාරණයක් ඉටු කරන ලෙස  රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය සම්පුර්ණ සහාය අනුර දිසානායක ජනාධිපතිවරයාට ලබාදිමට සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන සන්ධාන කණ්ඩායම සුදානම් බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.

සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එහිදී තවදුරටත් මෙසේද කීවේය.

“අපේ රටේ සිදුවුණ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වවලට තවම සාධරණයක් ඉටුවි නෑ.  ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා කටුවාපිටිය පල්ලියට ගොස් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස සමඟ සාකච්ඡා කළා. පාස්කු ප්‍රහාරය සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස පිළිබඳව විශේෂ අවධානයක් ජනාධිපතිවරයා යොමු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා.  රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්වුණානම් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයන්න විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තිබුණා. ජාත්‍යන්තර සහාය ලබාගෙන පාස්කු ප්‍රහාරය පිළීබඳ පරීක්ෂණ ශක්තිමත් කරන්න තමයි අපි බලාපොරොත්තුවෙන් සිටියේ. එම වැඩසටහන පිළිබඳව අපි කාදිනල් හිමියන්ටත් දැනුම් දිලා තිබෙනවා.  මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා හැකි ඉක්මනින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිසට සාධාරණයක් ඉටු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *