BREAKING NEWS
Search

කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් – නෙලුම් කුලුනේ වැටුණු සිසුවියගේ අනන්‍යතාවය හෙළි වෙයි

2408

අද (07) පස්වරුවේ කොළඹ නෙලුම් කුලුණ පරිශ්‍රයෙන් ඇද වැටුණා යැයි සැක කෙරෙන ගැහැනු දැරිවිය වයස අවුරුදු 16-18ත් අතරේ පසුවන බාලවයස්කාරියක් බවට පොලිසිය පවසනවා.

මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ; මෙම දැරිවිය බිමට වැටුණා ද නැතහොත් එය සියදිවි හානිකරගැනීමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

මරණකාරිය තනිවම නෙළුම් කුලුණ වෙත පාට ඇඳුමින් සැරසී පැමිණ තිබෙනවා.

ඇයගේ බෑගයෙහි තිබී ජංගම දූරකථනයක් සොයා ගැනුණ ද, එය විසන්ධි කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම ඇය නෙළුම් කුලුණේ 29 වැනි මහලේ නැරඹුම් මැදිරියේ සිට ඇති බවත්; ඇයගේ සිරුර 03 වැනි මහලේ තිබී සොයාගත් බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

කෙසේවෙතත් මරදාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරන අතර; මරණකාරිය කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන රාද්‍යා ගුණසේකර නමැති කොල්ලුපිටියේ පදිංචිව සිටි සිසුවියක් බවටත් අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර විමර්ශන මරදාන පොලිස් ස්ථානය මගින් සිදුකරමින් පවතී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *