ඒ අවස්ථාවේදී ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවන්ගේ කාරුණිකව ඉල්ලා සිටිනවා.
වෙනත් පුවත්
අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
පසුගියදා පූජා භූමි රක්ෂිතයට අලි 6 යුත් රංචුවක් පැමිණ සිටි බවත් අලුයම 5.30 පමණ මෙම රෝහල ප්‍රදේශයේ අලි කිහිපදෙනෙකු සැරිසරමින් සිටිය බව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසිය දැනුවත් කර ඇත.
මෙම ගල් කණු පෙරලා විනාශය සිදු කළ පසු පුරාවිද්‍ය නිළදාරීන්එම ස්ථානයට යනවිටත් එක් අලියෙකු ඒ් සමීපයේ සිටි තිබේ.
බැතිමතුන් ගැවසෙන මෙම ප්‍රදේශයේ අලි ගැවසීම හේතුවෙන් වනජීවී නිළදාරීන්ට මේ පිළිබදව දැනුවත් කර ඇති අතර දහවල් කාලයේ අලි එලවීම සිදු කළහොත් අවට ගම්වාසීන්ට සහ මාර්ගය භාවිතා කරන්නන්ට හානියක් වීම හේතුවෙන් අලි එලවීම සිදු කර නොමැත.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට නිරන්තරයෙන් ගම්මාන්යන්ට වල් අලි කඩාවදින අතර මේ දිනවල ගොවීන් අස්වනු නෙලීම අවසන් කර තිබීම හේතුවෙන් මැදිරිගිරිය වටදාගෙය පූජාභූමිය දක්වා ප්‍රදේශයට අලි කඩා වදින බවත් මේවනවිටත් වටදාගෙය රක්ෂිතයේ අලි රංචුවක් සිටින බව ගම්මු පවසති.
මෙලෙස දහවල් කාලයේ පවා විශාල වශයෙන් ඒ් අවට මාර්ගය භාවිතා කරන්නන්ට සහ බැතිමතුන්ට මෙය දැඩි අවදානමක්ව ඇති බවද ඔවුහු පවසති.




















