BREAKING NEWS
Search

සියල්ල තාවකාලිකව අත්හිටුවන්න… අගමැතිනියගෙන් සියලු රාජ්‍ය ආයතනවලට විශේෂ නිවේදනයක්..

1002
මේ කියන්න යන්නේ රාජ්‍ය සේවක ඔබට අසන්න ලැබෙන තවත් විශේෂ පුවතක් ගැන කතාවක්..
අමාත්‍යංශ යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රදානීන් පත් කරන තෙක් සියලුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට අමාත්‍යංශ ලේකම්වරු අදාළ ආයතනවලට දැනුම් දී තිබෙනවා..

ඒ අනුව, සංස්ථා, මණ්ඩල හා අධිකාරී ඇතුළු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන අතර, අදාළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගැනීම් ද නතරවනු ඇති බව සඳහන්..

අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් පරිදි ඊට අදාළ නියෝගය අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් නිකුත් කර තිබෙනවා..

ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබෙන අතර, ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන් විසින් පත් කිරීමට නියමිත බවද සඳහන් වනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *