BREAKING NEWS
Search

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

119

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීම අද (07) පෙරවරු 9.30 සිට හෙට පස්වරු 9.30 දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ඇම්බර් පැහැයෙන් යුතු “අවදානයෙන් සිටින ලෙසට” අනතුරු අඟවා තිබේ.

තවද ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත “කහ පැහැයෙන් යුතු” විමසිලිමත් වන්න යන අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *