මේ අවාසනාවන්ත සිද්ධිය අද අලුයම සිදුවන්නේ ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේදී බවයි වාර්තා වෙන්නේ..
ඉන් පසු උරණ වූ වන අලියා එම වෑන් රථයට දැඩි ලෙස පහරදී ඒ අසල මාර්ගයේ එක් පසෙකින් ඇති යෝධ ඇල දෙසට වෑන් රථය පෙරලා දමා ඇති බවට වාර්තා වෙනවා… අද අලුයම 4.45 ට පමණ මේ අනතුර සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ..
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිට ඇත්තේ මොහු පමණක් වන අතර විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් නිවෙස් වෙත රැගෙන ගොස් නැවත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ඔහු ලක්ව තිබුණා..
























