BREAKING NEWS
Search

පාසල් ආහාර සැපයුම්කරුවන්ගේ මුදල් ගැටලුව ගැන තොරතුරු කැඳවයි

1733

පාසල් දිවා ආහාර සැපයුම්කරුවන්ට මුදල් නොගෙවන කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ දිවා ආහාර වැඩසටහන සඳහා අවශ්‍ය සියලු මුදල් පළාත්වලට යොමු කර තිබියදීත් සැපයුම්කරුවන්ට ගෙවීම් නොකරන කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම නිසා ය. පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

මාස දෙකක් තිස්සේ තමන්ට මුදල් නොලැබුණු බව සඳහන් කරමින් බස්නාහිර පළාතේ ඇතැම් පාසල්වලට දිවා ආහාරය සැපයීම නතර කර තිබෙන අතර සැපයුම්කරුවන් විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ එම මුදල් ලැබෙන තෙක් ආහාර සැපයීම කළ නොහැකි බවය.

මින් පෙර ද මුදල් ගෙවීම මාස දෙක තුනක් ප්‍රමාද වූ අවස්ථා පැවති නමුත් ආහාර සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කළ මෙම සැපයුම්කරුවන් මෙවර මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් යැයි ද අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

මුදල් තිබියදීත් ගෙවීම් නොකර සැපයුම්කරුවන් අපහසුතාවට පත් කරන අයුරින් කටයුතු කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කලාප කාර්යාලවල සේවය කරන දේශපාලනයට සම්බන්ධ නිලධාරීන් යැයි පැවැසේ. මීගමුව කලාපයට අයත් පාසල් කිහිපයකම ද මෙම ගැටලු සහගත තත්ත්වය උද්ගත වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *