බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය පැවසීය .
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කාර් රථයේ ගමන් ගත් බෙලිඅත්ත වහරක්ගොඩ අලහේන ලිපිනයේ පදිංචි බාලමානගේ ආරියපාල නමැති 72 හැවිරිදි විවාහකයෙකි .
අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට රැගෙන යන අතරතුර මියගිය බව පොලිසිය පැවසීය. තුවාල කරුවන් පස්දෙනා තංගල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය .
වෙනත් පුවත්
තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් මීගමුව සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රන් වළලු 12 ක් , රන් මාළයක් , අත් පළදනා 02 ක් , රන් පෙන්ඩන්ට් 01 ක් සහ රන් මුදු 02 ක් තිබී පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .




















