26 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා තණමල්විල, බලහරුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
අත්අඩංගුවට ගැනුණු සැකකාර නළුවා තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 04ක මත්ද්‍රව්‍ය ජාවාරම්ක සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් වන අතර, අයතා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව නඩුවක් ද විභාග වෙමින් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී බලකරුව ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුව මුදාගැනීම සඳහා නීතිඥවරුන් කිහිපදෙනෙකු ද පොලිසියට පැමිණ ඇති අතර, සැකකරුගේ පාර්ශවයේ අයෙකු ස්ථානාධිපතිවරයාට ලක්ෂ දහයක අල්ලස් මුදලක් ද ලබාදීමටද උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.




















