රංජන් රාමනායක සිරගත වූයේ ද ප්‍රජා අයිතිය අහිමි වූයේ ද හොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහුට අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණය ඉටුවිය යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
රංජන් රාමනායක හොරකමට වංචාවට විරුද්ධව තනිවම සටන් කළ අයකු බව ද මහ මැතිවරණයට පසු මෙලෙස අසාධාරණයට ලක්වූ අයට සාධාරණය ඉටුකරන බව ද විජිත හේරත් ඇමැතිවරයා කීය.

මිට පෙර තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විමසා සිටියා.
ඔස්ට්‍රේලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුර ඔහු මේ බව විමසා ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සභාවක් නොවීය.

















