BREAKING NEWS
Search

පිටකොටුවේ ඝාතනයක්

227

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන  ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි

එම පුද්ගලයාගේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත

වෙනත් පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ  දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පැවසිය.

මෙම වකුගඩු බද්ධ කිරිමට ප්‍රථම වරට මුහුණ දි ඇත්තේ කහවත්ත බෝමලු විහාරයේ පදිංචි අවුරුදු 69ක්වු නිලඳුරේ චන්දසිරි හිමියන්ය.

උන්වහන්සේට වකුගඩුවක් ලබාදි ඇත්තේ ඥාතියෙකු වු කහවත්ත ඇල්ලෙගෙවත්ත පදිංචි අවුරුදු 57 ක්වු දෙදරු පියෙකි.

ප්‍රථම වරට සිදුකරන ලද වකුගඩු බද්ධ සැත්කම පිළිබඳව අදහස් දැක්වු රත්නපුර ශික්ෂණ රෝහලේ  අධ්‍යක්ෂක ධම්මික අලහප්පෙරුම මහතා මෙසේ කිය.

වසර කිහිපයක් තිස්සේ වකුගඩු බද්ධ කිරිමට අවශ්‍ය පහසුකම් සපුරාලමින් සිටියා දැඩි සත්කාර ඒකකයේ පහසුකම් සහිත කොටසක් රත්නපුර සිංහ සමාජයෙන් අපිට ඉෂ්ඨ කර දුන්නා දැනට රෝහලේ වකුගඩු බද්ධ කිරිමට අවශ්‍ය සියලු පහසුකම් තිබෙනවා.

ඒ අනුව රෝහලේ ප්‍රථම සැත්කම පසුගිය 30 වන දින සිදු කරනු ලැබුවා මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්ෂ්මන් විරසේකර,චානක ආරච්චිගේ,ගයාන් බණ්ඩාර ,නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්වන අනුර ප්‍රනාන්දු, ලක්ෂ්මි රණසිංහ යන වෛද්‍යවරුන් ගේ උත්සහය මෙන්ම විශාල කැප කිරිම මත මෙම සැත්කම සිදුවුණා. මෙම සැත්කමට පැය පහක් පමණ ගතවුණා සාර්ථක ලෙස එය සිදු කිරිමට වෛද්‍ය වරුන් සමත් වුණා.

මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකයේදි අපේ රෝහලේ හෙද නිළධාරි පස් දෙනකු පමණ සති දෙකක පුහුණුවක් ලබාගෙන තමයි මෙම සැත්කම්වලට දායක වුණේ. අප රෝහලේ ලැබු ජයගුහණයක් ලෙසය යි මා දකින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *