BREAKING NEWS
Search

මෙන්න මේ අය ගිණි අවි බාර දෙන්න අවශ්‍ය නෑ – ආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

187

දේපල ආරක්‍ෂාව, වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා නිකුත් කර ඇති ගිනි අවි හා පතුරම් නැවත භාරදීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා.

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව රජයට භාරගැනීම සම්බන්ධව (ඔක්: 04) දින ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනූවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් මේ බව දැනුම් දෙන්නේ.

වෙනත් පුවත්

සරසවි ආචාර්ය මණඩල හිගයක්

රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලයට 6,444ක අඩුවක් පවතින බව වාර්තා වනවා.

මේ අනූව මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මණ්ඩලය 12,992ක් සිටිය යුතු බවයි පැවසෙන්නේ.

නමුත් අද වන විටත් සිටින්නේ 6,548ක් වූ ආචාර්ය මණ්ඩලයක් බවයි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල පාඨමාලා නතර කිරීමට තරම් සිදුව අති බවයි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.

පවතින ගැටලුවට විසඳුම් නොදී වැඩි ඉල්ලුමක් ඇති විෂයන්වලට සිසුන් බඳවා ගැනීම සීමා කිරීමට ඇතැම් බලධාරීන් යෝජනා කරමින් සිටින බවයි එම සංගමයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *