BREAKING NEWS
Search

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් යන්න කියයි

181

මාදිවෙල  මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස  එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිලබ්නිවාස සංකීර්ණයේ හදිසි අලුත් වැඩියාවක් කිරීමට ඇති හෙයින් ඉන් ඉවත්වන ලෙසට මෙසේ දැනුම් දුන් බවයි.

මේ අනුව මන්ත්‍රීවරුන් හය දෙනෙකු දැනට ඉන්  ඉවත්ව ඇතැයි   එම නිලධාරියා සඳහන් කළේය.

මාධ්‍යවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පමණ ඇත. සෙසු නිවාස වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.

අලුතෙන් පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබාදීමට සිදුවන හෙයින්  ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

(සුජිත් හේවාජුලිගේ)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *