BREAKING NEWS
Search

RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ

285

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන්  අල්ලස් වශයෙන් ගත් මුදල් ඉල්ලා සිටියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නිලධාරීයකු එම මුදල් සපා කා විනාශ කිරීමට උත්සහ කර ඇතැයිද වාර්තාවේ.

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයාට අමතරව මෙලෙස අතත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාලයේම රාජකාරි කළ බව කියන සංවර්ධන නිලධාරියකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ සේවය කරමින් සිට වැඩ තහනමට ලක්වු පුද්ගයෙකි.

බස් රථයක පොතක් වෙනස් කරවා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණි බස්රථයේ හිමිකරුගෙන් බස් රථයේ පොත ඉක්මනින්ම වෙනස් කරවාදීම සඳහා එම කාර්යාලයේ රාජකාරි කළ පුද්ගලයකු අල්ලස් ඉල්ලා ඇති බවත් ඒ අනුව අල්ලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *