සිය දියණිය ලිංගික අපචාරයකට හසු වූ බවට පුද්ගලයෙක්ගෙන් ඇමතුමක් ලැබීමෙන් පසු ඉන්දියාවේ අග්‍රාහි පාසල් ගුරුවරියක් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…
පසුගියදා වංචනිකයින් පිරිසක් විසින් ගුරුවරිය අමතා ඇයට තර්ජනය කර පවසා ඇත්තේ, සිය දියණිය හසුව ඇති ලිංගික අපචාරය පිළිබඳව හෙළි නොකිරීමට නම් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන ලෙසටයි…
මියගිය කාන්තාවගේ පුත්‍රයා සඳහන් කරන්නේ, 30 වැනිදා දහවල් 12ට පමණ වංචනිකයින්ගෙන් මවට ඇමතුමක් ලැබී ඇති බවත්, සිය සහෝදරියගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට නම් මවගෙන් මුදල් ඉල්ලූ බවත්ය…
එමෙන්ම දුරකථන ඇමතුම්කරු පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ…
පසුව මව තමාට ඇමතුමක් ලබා දී සිද්ධිය ගැන පැවසූ බවත්, ඔහු එම දුරකථන අංකය පරීක්ෂා කිරීමේදී එය සයිබර් අපරාධකරුවන්ගේ වංචාකාරී ඇමතුමක් බව තමා මවට පැවසූ බවත්, ඔහු පවසා ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ…
තමා සිය සොහොයුරියට කතා කර ඇයට කරදරයක් නොමැති බවට තහවුරු කරගෙන මවට පැවසුවද, ඇයට ලැබුණු ඇමතුමෙන් පසු ඇති වූ ආතතිය පාලනය කර ගැනීමට නොහැකිව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණු බවයි ඔහු පවසන්නේ…
පසුව ඇයව රෝහල් ගත කළද හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගිය බව ඔහු වැඩිදුරටත් පවසනවා…
සිද්ධිය සම්බන්ධයෙන් ජග්දීෂ්පුර පොලිස් ස්ථානය වෙත මියගිය කාන්තාවගේ පවුලේ අය පැමිණිලි කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ…



















