BREAKING NEWS
Search

පාපන්දුවේ වංචා දූෂණ ගැන තවත් හෙළිදරව්වක්

174

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ පාලකයින් විසින් නොසලකා හැර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජේ.ශ්‍රී රංගා පවසනවා.

අද මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වනු ඇති බවට විශ්වාස කරන බවයි.

එහිදී ඔහු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදුව තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කළා.

 

වෙනත් පුවත්

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 291.9436ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 301.1694ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 295.8071 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.304.9150 ලෙස සටහන්ව තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *