BREAKING NEWS
Search

චාල්ස් රජුගෙන් ජනපති අනුරට ලැබුණු ලිපිය

337

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ජනපති අනුරට සුබ පැතුම් එක් කරමින් ලිපියක් එවා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (02) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් හමුවූ අවස්ථාවේ දී මෙම ලිපිය ජනපතිවරයාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපිය හරහා චාල්ස් රජු හා බිරිඳ ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර සාගර ආරක්ෂා කිරීමට, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට සහ දේශගුණික අවදානම්වලට මුහුණ දීමට නූතන පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස එකට වැඩ කළ හැකි වනු ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

තවද ජනාධිපති ධුර කාලය තුළ දෙරට අතර දැනටමත් පවතින සමීප සබඳතාව ජාතීන්ට සහ අනාගත පරපුරට ප්‍රයෝජනය සඳහා තව තවත් ගැඹුරු වනු ඇති බවද එහි සඳහන්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *