ශිෂ්‍යත්වය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

306

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වනතෙක් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට සහ විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම, පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මානවහිමිකම් කොමිසමට කැදවනු ලැබූ බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සදහන් කළේ.

මේ අතර, මතභේදයට තුඩු දී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස මව්පියන් පිරිසක් ඉල්ලීම් කළද එය නැවත නොපවත්වන ලෙස විභාගයට පෙනී සිටි බහුතර සිසු දරුවන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත්, ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ සාමාජිකයින් පිරිසක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ ඔවුන් සතු සාක්ෂි ලබා ගැනීම සඳහායි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *