BREAKING NEWS
Search

නාමල් රාජපක්ෂගෙන් විශේෂ නිවේදනයක්

370

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළ කළ වාර්තා ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශනයක් බවව නාමලගේ රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් මඟින් පවසනවා.

පසුගිය මහ මැතිවරණයේ දී තමන්ව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කෘතගුණ පුර්වකව සිහිපත් කරන නාමල් රාජපක්ෂ තමන්ට දේශපාලන ඇරඹුම දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව සමඟ ඉදිරියටත් දේශපාලනයේ නිරතවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එළැඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතාවන් මේ දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීරණය කර නොමැති බවද එහි සඳහන්.

එවැනි පසුබිමක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත්වනු ඇතැයි ප්‍රචාරය කිරීම හුදෙක් දේශපාලන වාසිය තකා කළ ජනතාව නොමග යැවීමක් බව‍යි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *