මාරක රිය අනතුරක් – පියා මරුට, දරුවන් දෙදෙනා රෝහලට

375

දෙණියාය – කිරිවැල්දොල මාර්ගයේ හෝටලයක් අසල වංගුවේදී අද (02) සිදු වූ අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බීමත් පියෙකු විසින් තම දරු දෙදෙනාද සමග අපරික්ෂාකාරීව ධාවනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහළ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

උදෑසන සිදුවූ මෙම අනතුරින් පියා සහ දරුවන් දෙදෙනා තුවාල ලබා දෙනියාය මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

එහිදී බරපතල තත්ත්වයේ පසු වූ පියා ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙක්.

No description available.

No description available.

No description available.

No description available.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *