BREAKING NEWS
Search

තෙල් ගැන සිපෙට්කෝ සභාපතිගෙන් අනාවරණයක්. ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තු වන දේ මෙන්න

495

ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා පවසනවා.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින්.

කොළඹ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

ඉන්ධන මිල සංශෝධන පිළිබඳ තීරණ වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීම සහතික කිරීම සඳහා නියාමන කොමිෂන් සභාව වෙත භාරදීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා මෙහිදී පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ,

“පසුගිය 30 වැනිදා තෙල් මිල තීරණය කළේ පැවති මිල සූත්‍රයට. ඉදිරියේ දී කිසිදු තෙල් හිඟයක් ඇති වන්නේ නෑ. මෙරට තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් අත්‍යාවශ්‍ය වනවා. නියාමන කොමිසමකින් මිල සූත්‍රයේ වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වනවා.”

“වෙනත් පාර්ශ්ව විසින් ආනයනය කරන ඉන්ධන තොග සඳහා ඉන්ධන මිල අඩු කළ නොහැකියි. ඒ වගේම නව රජය බලයට පත්වී කෙටි කාලයක් තුළ විශාල ඉන්ධන සහන ලබාදීම කළ නොහැකියි.පසුගියදා ඉන්ධන මිල සංශෝධනය කළේ පවතින සූත්‍රයට අනුව සහ නීත්‍යානුකූලවයි”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *