මත්පැන් නිෂ්පාදකයින් රජයට ගෙවිය යුතු හිග බදු ගෙවීමට නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාලය ලබා දෙන බව, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසනවා.
ඒ 2023 සහ 2024 වර්ෂයන් සඳහා සුරා බදු ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයන් අද පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අවස්ථාවේදීයි.
සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ සුරාබදු දෙපාර්තමේන්තුවට බදු නොගෙවූ මත්පැන් සමාගම්වලට බදු ගෙවීම සඳහා
සති 02 ක කාලයක් ලබා දී ඇති අතර, බදු ගෙවීම පැහැර හරින සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
වෙනත් පුවත්
අතුරුදන් වූ පුද්ගලයෙකු සහ දැරියක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි
සැප්තැම්බර් 14 වැනිදා සිට පිරිමි පුද්ගලයෙකු සහ ඔහුගේ දියණිය අතුරුදන්ව ඇති බවට එම පුද්ගලයාගේ බිරිඳ විසින් මීගමුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත මීගමුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙසේ අතුරුදන්ව ඇත්තේ, අංක 56/1, ශාන්ත ජුඩ් පෙදෙස, මීගමුව ලිපිනයෙහි පදිංචි අවුරුදු 41 වයසැති තංගවේල් කමලදාසන් නමැති පුද්ගලයෙක් සහ වයස අවුරුදු 02 මාස 09ක් වන පත්මනාදන් පවිස්කා නමැති ඔහුගේ දියණියයි.
අතුරුදන් වූ පුද්ගලයා අඩි 05 අඟල් 03ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරැති කොණ්ඩය පිටුපසට පීරා කොටට කපා ඇති අතර, නාසයේ වම් පැත්තේ ලපයක් ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නේ.
එමෙන්ම අතුරුදන් වූ දැරිය උස සෙන්ටිමීටර් 92ක් පමණ වන අතර, කොණ්ඩය කොටට කපා ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඇයගේ දකුණු පාදයේ කලව ප්‍රදේශයේ උපන් ලපයක් ද තිබෙන බව පැවසේ.
අතුරුදන් වූ මෙම දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති / මීගමුව – 071 8591630
පොලිස් ස්ථානය / මීගමුව – 031 2222222

















