Search

මිසයිල ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය ගැන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ පණිවිඩයක්

163

ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

එරට සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රහාර එල්ල වීමත් සමග වසා දැමුණු එරට ප්‍රධාන ගුවන්තොටුපළද යළි ගුවන් ගමන් සඳහා විවෘත කර ඇති බවයි.

ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහෙත් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කළේ, ආත්මාරක්ෂාවට සදහා බව ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අරග් චී පවසනවා.

තම රට මෙලෙස ප්‍රහාර එල්ල කළේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තිය අනුව බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රතිපහාර එල්ල කළහොත් ඉරානයේ ප්‍රතිචාර මීට වඩා දරුණු විය හැකි බවද ඔහු කියා සිටියා.

ඉරානය ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර 200ක් පමණ ඊයේ එල්ල කර තිබුණා.

මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය විශාල වැරද්දක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *