ලිට්‍රෝ ගෑස් මිල ගැන නව සභාපතිවරයා ගත් තීරණය…

2914
මාසික මිල සංශෝධනය අනුව මෙවරත් ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන එම සමාගම පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කල බවයි.

ඒ අනුව, 12.5 Kg සිලින්ඩරයක මිල පැවති මිල ලෙසින් රුපියල් 3,690ක්ද, 5Kg සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙසද, 2.3Kg සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසද මිල නොවෙනස්ව පවතිනු ඇති
වෙනත් පුවත්

ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය  කිරීම සදහා මැදිහත් වනතුරු  පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට යාන්ත්‍රණයක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රි රෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවැසුවේය.

සුපර් පෙට්‍රල් මිල අඩු නොකර අනෙකුත් ඉන්ධන මිල රුපියල් 20 කට වඩා අඩු කළ ද ත්‍රිරෝද රථ සංගම් මගින් ප්‍රවාහන ගාස්තු අඩු කිරීම සිතන පරිදි සිදු නොවන බව ද ධර්මසේකර මහතා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් පසුගිය කාලයේ ආරම්භ කළ කුලී  ත්‍රි රෝද රථ මගී ප්‍රවාහන වැඩපිළිවෙළ ඉබිගමනේ යන බවත් එය නැවත සක්‍රීය කර ක්‍රියාත්මක කිරීමට මැදිහත් වුවහොත් ගාස්තු පමණක් නොව ගුණාත්මක ත්‍රිරෝද රථ සේවාවක් ස්ථාපිත කිරීමට පවා සූදානම් බවය.

ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ කොස්තා මහතා කියා සිටියේ ඉන්ධන මිල මීට වඩා ලොකු ගණනකින් සංශෝධනය වේයැයි සිතුවද එසේ සිදුනොවුණ බැවින් ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවය.

ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බවට ප්‍රකාශයට පත්කිරීමට ඔවුනට හැකියාවක් නොමැති බවත් එහි නීත්‍යානුකූල අයිතිය ඇත්තේ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට බවත් හෙතෙම කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *