හංවැල්ල, නෙළුවන්තුඩුව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (30) රාත්‍රි 8.15ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ, 55ක් හැවිරිදි බස්හිමිකරුවෙකු බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයා නිවසේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
T-56 ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සැකකරයි

















