ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අතර ඉන්ධන මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව ද එම නිලධාරියා කීය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සංශෝධනය කිරීමේ අවස්ථාව තිබේ.
වෙනත් පුවත්
ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බව ජනාධිපති කාර්යාලය පවසයි.
එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ කඩ නොමැති නිසා මිස එම වාහන ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපයේ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107 ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල් කර තිබේ.



















