BREAKING NEWS
Search

අන්තිමට ලියපු විෂයට A එකක් තියනවා… මගෙ රත්තරනේ… අම්මට මේ හොඳටම ඇති මගෙ පුතේ… ඔයා නැතුව මට මේ කිසි දෙයක් වැඩක් නෑ – විභාගෙ ලියලා නොඑන ගමන් ගිය දියණිය ගැන මවකගේ සංවේදී සටහන…

940
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා මධ්‍යම රාත්‍රීයේ දී නිකුත් වුණා.

මේ අතර මවකගේ සංවේදී සටහනක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

ඒ සිය දියණිය සාමාන්‍ය පෙළ විභාගයෙන් දින කිහිපයකට පසු නොසිතූ ලෙස දිවි හැර යාම හේතුවෙන්.

මේ එම සංවේදී සටහනයි….
විභාගෙ ලියලා ආයෙ කවදාවත්ම නොඑන්න ගිය මගේ කෙල්ලගෙ ප්රතිඵලය…..
විභාගෙ පටන්ගත්තෙ ඇගේ17වෙනි උපන්දිනය දා..මැයි 6 වෙනිදා….එතකොටත් ඈ උන එක්ක දතක් ආසාදනය වීමෙන් බෙහෙත් බොනවා…
දවසෙන් දවස එක එක අසනීප තත්වයන් ආවා…බෙහෙත් බොනගමන් විභාගෙ ලිවුවා…ආසාදනය නිසයි මේ ප්රශ්න..වෛද්යවරු හිතුවෙ එහෙම…මට අමාරුවක් නෑ..බෙහෙත් බිලා exam ලියමු…ඒ ඇගේ වචන….
එක දවසක්වත් ධෛර්යය අඩුවක් තිබුනෙ නෑ…
අන්තිම දවස්වල කකුල්දෙක ඉදිමෙනවා…පුංචි ප්ලාස්ටික් බංකුවක් අරන් ගියේ විභාගෙ ලියනවෙලාවට කකුල් දෙක තියාගන්න…
අන්තිම දවසෙ..ඒ කියන්නෙ මැයි15….
විභාගෙට තිබුනෙ වාණිජ්ය විෂය..ඇගේ කැමතිම විෂය ….පාන්දර 3ට ඇහැරලා ඉන්නවා දැක්කම තේ එකක් හදලා දීලා එයාගෙ ඇඳට වෙලා මම හිටියා…
“හෙට ඩොක්ටර්ට ලඟට යමු අම්මා අද මට විභාගෙ ඉවරයිනේ “කියලා ගිහින් ආපහු ආවෙ කකුල් රිදෙනවා කියලා අඩාගෙන…ඒත් මට අද A එකක් ඇති කිවුවා..
එහෙම්ම ඇඳුමක් මාරුකරන් රෝහලට ගිය මගේ හයිය කෙල්ල ආපහු ගෙදර ආවෙ නෑ…..
එදා දවසෙ ඇය රෝහල්ගත කරද්දි ඇගේ HB 5යි…
එහෙම තියාගනයි විභාගෙ ලියලා තිබුණෙ..
ඒක පුදුම හයියක්….
අන්තිමට ලියපු විෂයට A එකක් තියනවා..
මට මගේ මේ හයිය කෙල්ලගෙ ප්රතිඵලය මහමෙරක් වටින්නෙ අන්න ඒ නිසා..
ලෝකයෙ තියන දරුණුම ලෙඩක් ඇඟ ඇතුලෙ තියාගන ලියපු හැම අකුරක්ම මට වටිනවා…
අම්මට මේ හොඳටම ඇති මගෙ පුතේ…
ඔයා නැතුව මට මේ කිසි දෙයක් වැඩක් නෑ…
මේ ලියන්නෙ මොනතරම් අමාරු අකුරු පේළිද කියන්න මට තේරෙන්නෙ නෑ…
⁣මාස තුනක් පුරාවට මේ විදවන දුක මම මැරෙන දවසක විතරමයි ඉවර වෙන්නෙ
ඉතිං දැක්ක දැක්ක තැන මේක අහන්නඑපා🙏
මගෙ රත්තරනේ …❤
අම්මට මේ දුන්න සතුටට ඔයාට පින් 🙏
මට ඔයාට තරම් හයියක් නෑ මේවා දරාගන ඉන්න…..❤
❤
❤



Leave a Reply

Your email address will not be published. Required fields are marked *