යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චි මහතා ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.

ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්
රදේශ රැසකට අද (29) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ හේතුවෙන් අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා බලධාරීන් නිවේදනය කළේය.
















