යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

263

කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකු යතුරුපැදියකින් ඇද වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි වාර්තා වේ.

එලෙස මියගොස් ඇත්තේ, කොට්ඨාස 05 කාත්තාන්කුඩි මාර්කට් පාරේ, පදිංචිව සිටි ජමාල්ඩීන් මුහම්මද් රිහාම් නමැති සිසුවෙකි.

ඔහු තම නිවස ඉදිරිපිට කුඩා මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එක්වරම යතුරුපැදිය ලිස්සා පහළට වැටීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇතැයි වාර්තා වේ.

කාත්තාන්කුඩි අල්හිරා මහා විද්‍යාලයේ දහවන වසරේ අධ්‍යාපනය ලබන අදාළ සිසුවා දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවා වේ.

මියගිය සිසුවාගේ මෘත ශරීරය මඩකලපුව – ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර කාත්තාන්කුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *