BREAKING NEWS
Search

අපරාධ රැසකට සූදානම්ව සිටි පොඩි ලැසී ගේ මාමා ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි

139

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි  පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටිකෙහෙල්ගල්ල,  කිරිකිත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්.එච් පීරිස්  ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් විසින්  ලද බුද්ධි  තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින  ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසි සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන  මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ මාමා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව  විශේෂ කාර්ය බලකාය කියයි.

අත්අඩංගුවට ගත්  සැකකරු වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිතා කරමින් මෙරට සැඟව සිටිමින්  අපරාධ රැසකට සුදානමි ව සිටින බවට ලද තොරතුරු මත සැකකරු පදිංචි නිවස වටලා සිදුකළ පරීක්ෂාවකදී  විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 06 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *