BREAKING NEWS
Search

පාලන මිලට සහල් දෙන්න බෑ

338

සහල් පාලන මිලට ලබා දෙන බවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ හාල් කර්මාන්ත කරුවන් ගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා බිඳ වැටීමේ අවදානමක් උද්ගත වී ඇතැයි ද ඔහුගේ එම ප්‍රකාශයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බව ද සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ මරදගහමුල  සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බී.කේ . රංජිත් මහතා පැවසීය .

රංජිත් මහතා මේ බව සඳහන් කළේ අද( 29 ) මරදගහමුලදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

අද පවත්නා  කිලෝවක් රුපියල් 130 ක් 132 අතර වන  වී මිල අනුව පාලන මිල ට සහල් ලබා දීමේ කිසිදු හැකියාවක් නැහැ . සුළු පරිමාණ ව්‍යාපාරයකින් මෙවර වී මිලදී ගෙන ඇත්තේ සියයට නවයේ  පොලියට ලබා ගෙනයි .

තත්ත්වය එසේ තිබියදී මෙසේ පාලන මිලට සහල් ලබා දීමට කටයුතු කිරීමෙන් ඇතිවන තත්ත්වය කිසිසේත්ම පොඩි වීමෝල් හිමියන්ට දරන්නට පුළුවන් කමක් නැහැ .

ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ කරන බවට මට දැනුම් දුන් අවස්ථාවේ මා ඔහුට ප්‍රකාශ කළේ එසේ කිරීමට නොහැකි බවයි. එතුමා ජනවාරි දක්වා මේ පාඩුව දරා ගන්න බව පැවසුවත් සුළු ව්‍යාපාරයකින් එසේ කරන්නේ කොහොමද .

වෙළෙඳුන් ආරක්ෂා කර ගනිමින්  පාලන මිලට සහල් ලබා දමේ වැඩ පිළිවෙලක් තිබිය යුතුමයි ඒ සදහා එකඟයි   අපි එවැනි තත්ත්වයක් ලබා දෙන ලෙසට දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලීම් මෙතෙක් ඉටු වී නැහැ ..

මේ ආකාරයේ කෙටිකාලීන විසඳුමක් ලබා නොදී දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් තුළින් පාලන මිලට සහල් ලබා දීමේ හැකියාව ඇති කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා .

එසේ නොවී මේ ආකාරයට ක්‍රියාත්මක වුවහොත් සිදු වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සියලු ව්‍යාපාරයකින්ගේ සහල් මෝල්  බැංකු සතුවීම පමණක් වන බවද මෙහිදී රංජිත් මහතා අවධාරණය කළේ ය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *