BREAKING NEWS
Search

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

561

ඔහු ශ්‍රී ලාංකීය දේශපාලනයට අමුත්තකු නොවෙයි.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙන්නේ.

මියයන විට ඔහු වයස අවුරුදු 74ක පසුවූවා.

1950 අප්‍රේල් 05 වැනිදා උපන් ඔහු මියයනවිට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

එමෙන්ම ඔහු 1984 සිට 2000 දක්වා කාලය තුළ අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූවා.

පසුව 2007 සිට 2010 දක්වා ඔහු කාර්මික සංවර්ධන අමාත්‍යවරයා වූ අතර, 2010 සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා වී තිබෙනවා.

එමෙන්ම ඔහු 2019 වසර දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්.

පසුව ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට එක් වූවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *