BREAKING NEWS
Search

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවතට

187

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට  පොලිස් ආරක්ෂාව දිගටම   දෙන බව  පොලිස් මූලස්ථානය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී යන්නේය.

මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව ඉන්ධන දීමනාව මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම් මේ අනුව අහෝසි වී යනු ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *