BREAKING NEWS
Search

ළමයි පාසලේ සිටිද්දී පාසලට අලියෙක් ඇවිත්

262

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.

දහවල් එකොළහයි හතළිස්පහට පමණ වල් අලියෙකු කඩා වැදී ඇති අතර පාසල් සිසුන් පන්ති කාමර වල රඳවා අලියා ඉවත්ව යන තෙක් සිසුන්ට ආරක්ෂාව සැපයීමට ගුරුවරු යුහුසුළුව කටයුතු කළහ .

සේරු විලට ජලය පානය කිරීමට පැමිණි  අලි අතර සිටි මෙම තනි අලියා හදිසියේම  ප්‍රධාන දොරටුවෙන් පාසලට ඇතුළු වෙද්දී සිසුන් කෑගසද්දි එම සිසුන් පන්ති කාමරවල රඳවාගෙන  ආරක්ෂාව සැලසූ බව විදුහල්පති රංගන මුතු කුමාරණ මහතා පැවසීය  .

ප්‍රධාන දොරටුවෙන් ඇතුළු අලියා පාසල පිටුපස වැටෙන් කැලයට ගිය බවද විදුහල්පතිවරයා කීවේය.

විදුහලට තාවකාලික විදුලි වැටක් ඇතත් එය නඩත්තු නොකිරීම නිසා අබලන් තත්ත්වය පවතින බවත් මේ හේතුව නිසා මෙම අලි තර්ජන නිරන්තරයෙන්ම පාසලට තිබෙන නිසා සවස් වරුවේ  සිසුන්ට අමතර  ඉගැන්වීම් සිදු කිරිමට නොහැකිව ඇතැයි විදුහල්පතිවරයා කීහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *