BREAKING NEWS
Search

වෑන් මාරයා නිසා අකාලයේ සමුගත් තරුණ යුවල

557

අකුරැස්ස සියඹලාගොඩ – පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.

ඔවුහු පිටබැද්දර මෙදේරිපිටිය පාසලෙන් මාරු වී යෑමේ උත්සවයෙදී ලද තෑගිද රැගෙන සිය සැමියා සමග මාකදුර නිවස දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර පිටබැද්දර ව්‍යාපාරිකයකු තම සුඛෝපභෝගී වෑන් රථයෙන් අකුරැස්ස දෙස සිට පිටබැද්දර දෙසට ගමන් කරමින් තිබී ඇති අතර වෑන් රථය ඔවුහු යටකරගෙන ගොස් අසල පස් කණ්ඩියක හැපී නතර වී ඇතැයි පොලීසිය කීය.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති මාකදුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති බවත් පොලීසිය කීය.

සැකකාර ව්‍යාපරික රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය භාග්‍යාගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණි.

මියගිය භාග්‍යා ගැබිණියක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *