BREAKING NEWS
Search

නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට

159

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ  දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

මිතුරන් දෙදෙනකු සමඟ කනංගමුව ප්‍රදේශයේදී දිය නෑමට ගොස් ඇති අතර මිතුරන් දෙදෙනා සමග ගඟෙන් එගොඩට පීනීමට තැත් කළ අවස්ථාවේදී දියේ ගිලී මරණයට පත්ව ඇත.

තොටගමුව කනගමුව ප්‍රදේශයේ පදිංචි  විසල් තිබීර යශෝදර බණ්ඩාර  මෙසේ මියගොස් තිබේ.

දියේ ගිලී මරණයට පත්වූ පුද්ගලයාගේ සිරුර ගොඩ ගැනීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි කැපවීමක් කර උත්සාහ කළ අතර අද (25) ප්‍රදේශවාසීන් විසින් ගඟේ කෙලවරක රැඳී තිබියදී සොයාගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *