BREAKING NEWS
Search

මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දුන් ඔබට සුබ ආරංචියක්..

275
මේ කියන්න යන්නේ ජීවිතයේ තවත් එක් කඩයිම් විභාගයක් ගැන ඇසෙන සුබ පණිවිඩයක්..

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා..

ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ..

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා අයැදුම්කරුවන් 452,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා..

ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *