BREAKING NEWS
Search

දැන් නම් මට හැදෙන කටකතා මොනවද කියලාවත් මම බලන්නෙ නැහැ – ගයත්‍රී

1237

ගයාත්‍රි ඩයස් කියන්නෙ කවදත් කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ දිනවල නම් ගයාත්‍රිව අපිට දකින්න ලැබෙන්නෙ වෙනස්ම චරිතයකින්.

ඒ පාරාදීසය ටෙලි නාට්‍යයේ මාධවි ලෙසින්.

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් කටකතා ගැන ඇය කිව්වේ මෙවැනි කතාවක්.

“මුල් කාලේ නම් මම ඒවාට සැලුණා. දැන් නම් ඒවා ගැන හිතන්නෙම නැහැ.

මේ කාලේ කටකතා කියන්නෙ ඒ අයම හදා ගත්ත දේවල්නේ. සෝෂල් මීඩියාවල විව්ස් වැඩි කර ගන්න එයාලට හිතෙන දේවල් හද හදා දානවා. දැන් නම් මට හැදෙන කටකතා ගොසිප් මොනවද කියලාවත් මම බලන්නෙ නැහැ.

බොරු දේවල් හදලා ඒවායින් සල්ලි හම්බ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ දේවල් එක්ක මාවත් කටකතා ගොසිප්වලට නිරන්තරයෙන් ලක් වෙලා තියෙනවා. ඒකට හේතුව මොකක් ද කියලා අදටත් මට හිතාගන්න බෑ.

මොන දේ වුණත් දැන් නම් මම ඕවා ගණන් ගන්නෙම නැහැ. මම ඕවා දකින්නෙත් කවුරු හරි මට ලින්ක් එකක් හරි එව්වොත් විතරයි. ඒ නිසා ඒවා කරන අය ගැන මට කිසි තරහකුත් නැහැ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *