BREAKING NEWS
Search

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්

3971

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී  දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ බව දුම්රිය මගීහු පවසති.

කොස්ගම වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල  දුම්රියක් වූ මෙම දුම්රිය එම අවස්ථාවේදී මගීන්ගෙන් පිරී තිබූ බවද එක්වරම දුම්රිය ඇන්ජිම වෙන්ව යාමත් සමග ඇති වූ තත්වය නිසාවෙන් මගීන් දැඩි ලෙස කලබලයට පත් වූ බවද ඔවූහු පවසති.

මේ නිසාවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වූ බවද එම මගීහු පවසති.

අනතුරුව දුම්රිය රියදුරු සහ සහයක එක්ව යළිත් දුම්රිය ඇන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර ඇත.

මේ ආකාරයෙන් දුම්රිය ඇන්ජිම සහ දුම්රිය මැදිරි වෙන් වූ ප්‍රදේශය තැනිතලා ප්‍රදේශයක් බවත් මේ ආකාරයෙන්ම මෙම ස්ථානයේදී මෙයට පෙරද දුම්රිය ඇන්ජිම සහ දුම්රිය මැදිරි ගැල වී ගොස් තිබූ බවද කැළණි වැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සිදු කරන මගීහු පවසති




Leave a Reply

Your email address will not be published. Required fields are marked *