BREAKING NEWS
Search

දැනෙන්න අඩු වුණ බිත්තරයේ නව මිල මෙන්න..

31518
අපි කවුරු වුණත් පෝෂණ ගුණයෙන් සපිරි ආහාර කෑම වේලට එකතු කරගන්න ගොඩක් උත්සාහ ගන්නවා..

ඒ අතරින් ප්‍රධානම දෙයක් තමයි බිත්තර කියන්නේ ඒත් පසුගිය දවස්වල සිදුවූ මිල වැඩිවීමත් එක්ක බිත්තර කන එකත් බොහෝ දෙනෙක්ට සිහිනයක් වුණා..

ඒත් මේ කියන්න යන්නේ බිත්තර මිලේ අඩු වීමක් ගැන කතාවක්..

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා..

නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතුව බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ සදහන් කළා..

ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර මිලක පවතින බව ඔහු සදහන් කළා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *