මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇති බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී ඇය ප්‍රකාශ කළාය.
පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පවත්වනු ලැබූ 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා දූ දරුවන් 323,7879 දෙනෙකු පෙනී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු තවත් රාජ්‍ය නිළධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.



















