අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ගේ පාර්ශ්වයෙන් ජනතාව බලාපොරොත්තු වන විශාල වෙනස ඇති කරලීමට ගත හැකි සෑම වෙනසක් ම ගැනීමට කටයුතු කරන බවයි.
රටේ එක් තැනක නොව පද්ධතියේ ම වෙනසක් ඇති කරලීමට අවශ්‍ය ව ඇති බවත් ඊට අවශ්‍ය සියලු ම කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් නව ජනාධිපතිවරයා කියා සිටියා.
මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පළමු දින ම සිදු කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවට කළ ප්‍රකාශය මතක දැයි යනුවෙන්.
ඊට නව ජනාධිපතිවරයා සිනහ මුසු මුහුණින් ප්‍රකාශ කළේ: ‘ලිහල බැලිය යුතු මල්ල – ඔබලා බැලීම අනවශ්‍ය බවත් දින දෙකක් තුළ සිදු වන්නේ කුමක්දැයි බලා සිටින ලෙසයි.



















